සහල් මිල ඉහළ ගොස් ඇති බවටත් සහල් හිඟයක් ඇති බවටත් විපක්ෂය නගන සමහර චෝදනා සත්‍ය බව කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරනවා.
එනිසා ආණ්ඩුවක් ලෙස ඒ පිළිබඳව විපක්ෂයටම චෝදනා කිරීම සාධාරණ නොවන බවත් ඒ මහතා පවසනවා.
නමුත් මේ ආණ්ඩුව නොව වෙන ආණ්ඩුවක් මේ මොහොතේ බලයේ සිටියත් මෙම ප්රශ්නය මතුවන බවත් ඔහු කියා සිටියා.
නමුත් ඇති වී තිබෙන ප්‍රශ්නයට වර්තමාන ආණ්ඩුව සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු තවදුරටත් සඳහන් කළා.
ජන හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.