මහවිල සිට ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි කාන්තාවක් හදිසියේ අසනීප වී මස්කෙළිය රෝහලට රැගෙන එනවිට මිය ගොස් තිබෙනවා.
මේ පිලිබඳව කරන ලද විමසීමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ. එස්. වීරසේකර මහතා පවසන ලද්දේ මහවිල ප්‍රදේශයේ සිට ගෞතම ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා පැමින ශ්‍රී පාදය වන්දනා කර නැවත පැමිණෙමින් සිටි වන්දනා නඩයක අවුරුදු 61ක් වයසැති කාන්තාවක් ඉදිකටු පහන ප්‍රදේශයේදි හදිසියේ අසනිපවි මස්කෙළිය රෝහල වෙත රැගෙන යමින් සිටියදි මිය ගොස් ඇති බවයි.
මෙසේ මිය ගොස් ඇත්තේ මහවිල ප්‍රදේශයේ පදිංචි කේ. ඒ. කරුණාවති යන අය බවත් මේ වන විට එම මල සිරුර මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර ඇති බවත් මේ පිලිබදව නල්ලතන්නිය පොලිසිය වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවද වීරසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළා.
මේ පිලිබඳව කරන ලද විමසීමකදි අදහස් දැක්වු මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණ මිය ගිය කාන්තාවගේ මරණය පිලිබඳව පශ්චාත් හා අධිකරණ වෛද්‍ය පරික්ෂණ පැවැත්විම සදහා එම මල සිරුර දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල වෙත රැගෙන යාමට පියවර ගත් බවයි.