මෙරටට ගෙන්වන තිරිඟුවල පොතු යළි චීනයට අපනයනය කිරීම සඳහා චීන රජය සහ ලංකා රජය එකඟතාවකට පැමිණි බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද කොළඹ දී පැවැති ජනාධිපතිවරයාගේ චීන සංචාරය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්.
එහි දී අමාත්‍යවරයා පැවසුවේ මෙරටට ආනයනය කරන තිරිඟු ඇටවලින් ඉවත් කරන තිරිඟුවලින් 20%ක පමණ ප්‍රමාණයක තිරිඟු පොතු බවත්, ඒවා යළි චීනයට අපනයනය කිරීමට ලැබීමෙන් මෙරටට අපනයන ආදායමක් ලබා ගත හැකි බවයි.
එසේ ම කුකුළු මස් කොටස් චීනයට අපනයනය කිරීම සඳහා ද ජනාධිපතිවරයාගේ සාකච්ඡාවේ දී එකඟතාවට පැමිණි බවද අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.