හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඊයේ (27) රාත්රියේ විජේරාම පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන්.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පැරණි සාමාජිකයින් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිට ඇති අතර හිටපු ජනාධිපතිවරයා ඔවුන්ට පැමිණෙන ලෙස ආරාධනාවක් ද සිදුකර තිබී ඇති බව සඳහන්.
මෙහිදී හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම නිල නිවස සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් මෙන්ම ඉදිරි දේශපාලනය සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා කර තිබෙනවා.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වූ බවද වාර්තා වනවා.
මේ අතර නෙළුම් මාවත ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පලාත් පාලන සංසදය විසින් නව කාර්යාලයක් අද (28) දිනයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සිය දේශපාලන කටයුතු මෙම නව කාර්යාලයේ සිට සිදු කිරීමට නියමිත බව සඳහන් වනවා.
කාර්යාලය විවෘත කිරීම පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් සිදු කිරීමට නියමිතව ඇති බවත් වාර්තා වනවා.