
ජන අරගල සන්ධානය පවසන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා වර්තමාන රජය ක්‍රියාත්මක විය යුතු බවය.
සන්ධානයේ ජාතික සංවිධායක දුමින්ද නාගමුව මහතා අනාවරණය කළේ, මෙම කටයුතු සාර්ථකව සිදු කිරීමට, බටලන්ද කොමිසන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එහි නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවය.
රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් මාධ්‍ය සමග පැවති සාකච්ඡාවකදී, බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත වී නොමැති බව ප්‍රකාශ කර තිබෙන අතර, එය සභාගත කිරීම වර්තමාන රජයේ වගකීමක් බවද නාගමුව මහතා සදහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණ වැඩි පිරිසක් නියෝජනය කරන ආණ්ඩුව මෙහි කටයුතු කරනවාදැයි උනන්දුවෙන් බලා සිටින බව ඔහු කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.