
අනුර කුමාර ජනාධිපති ඇතුළු මාලිමා ආණ්ඩුව නරක නිහීන ලෙස ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ඉන්දියාවට පවා දී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නිත්‍ය නියෝජිත දයාන් ජයතිලක මහතා පවසනවා.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දී තිබෙන්නේ පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඇතිකරගත් එකඟතා ගිවිසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මේ දක්වාම කිසිදු ආකාරයකින් නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි.
නමුත් වාර්තා වන අන්දමට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව බරපතළ ලෙස ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය අභියෝගයට ලක් කරමින් ගිවිසුම් කිහිපයකට එළැඹී ඇති බවද ඔහු සඳහන් කරනවා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වය යටතේ ක්‍රියාවට නංවා ඇති අඛණ්ඩ් භාරත් ව්‍යාපෘතියට ලංකාවද ඈඳාගෙන ඇති බවත් ඇතිකරගත් ගිවිසුම් අනුව ඉන්දියානු බර අවි කම්හල් ගබඩා සහ හමුදා සෙබළුන් මෙරට ස්ථාපිත කිරීමේ සූදානමක් ඇති බවත් ඔහු මෙම සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.