
ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම සඳහා බැතිමතුන් ලක්ෂ ගණනක් එක්රැස් වීමත් සමඟ මහනුවර නගරය දිනෙන් දින වැඩි වන අපද්‍රව්‍ය ඉවතලීමේ බරපතල ගැටලුවකට මුහුණ දී සිටිනවා.
නගරයේ ඇති වීදි කුණු කසළවලින් පිරී ඇති අතර, පොලිතින් බෑග්, ප්ලාස්ටික් බෝතල් සහ ආහාර දවටන මාර්ග දිගේ විසිරී ඇති බවයි වාර්තා වන්නේ.
දිගු පෝලිම්වල රැඳී සිටින අමුත්තන් පැවසුවේ තම කුණු බැහැර කිරීමට නිසි ස්ථාන නොමැති බවයි.
බොහෝ අය දිගු වේලාවක් බලා සිටීම සඳහා සුලු කෑම, වතුර බෝතල් සහ වෙනත් ද්‍රව්‍ය රැගෙන එන නමුත්, පෝලිම් ගමන් කරන විට ඔවුන්ගේ අපද්‍රව්‍ය එහි දමා යනු ලබනවා.
මලපහ කරන ලද පොලිතින් කවර, මුත්‍රා කරන ලද බෝතල්ද වීදි පුරා ඇති අතර අතුරු මාර්ගවලද මල පහ කර ඇති බවටද නාගරිකයෝ චෝදනා කරනවා.