
ත්රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය භාරයේ තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්රබල අපරාධකරුවකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා සතුව තිබී ජංගම දුරකතනයක් සොයාගෙන තිබෙනවා.
ඔහු අධිආරක්ෂිත බන්ධනාගාරයක සිටියදී මෙම ජංගම දුරකතනය ඔහුට ලැබී ඇත්තේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නැහැ.
ඒ සමග සැකකරු සම්බන්ධයෙන් පවතින නඩු සඳහා සාක්ෂි ලබාදීමට සූදානමින් සිටින පිරිස් හා ඔහුගේ ප්රතිවාදීන් බියෙන් පසුවන බවද වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලීසිය විසින් ආරම්භ කර තිබෙනවා.