
සිරි දළදා වන්දනාවට පැමිණි බලාපොරොත්තු නොවූ ජනකාය හේතුවෙන් මහනුවර ඓතිහාසික වැවද විශාල වශයෙන් අපවිත්‍ර වී තිබෙන බව වාර්තා වනවා.
එහි ජලය නැවත පිරිපහදු කොට යථා තත්ත්වයට ගැනීම සඳහා සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බවද බලධාරීන් පවසනවා.
වැව දෙපසින්ම දළදා වන්දනා පෝලිම දෙකක් ගමන් කළ අතර දිවා රාත්‍රි එහි රැඳී සිටි බැතිමතුන් විශාල වශයෙන් මළ මුත්‍ර අපද්‍රව්‍ය වලින් වැව අපවිත්‍ර කොට ඇති බව වාර්තා වනවා.
මේ අතර මහනුවර නගරයේ තැන තැන අතහැර ගිය කසළ ඉවත් කිරීම සඳහා දළදා වන්දනාවෙන් පසු විශේෂ මෙහෙයුමක් සිදු කිරීමට සිදුව තිබෙන බව පෙනී යන අතර නගරයේ කාණු තුළට අතහැර ගොස් ඇති කසළ ගොඩ ගැනීම සඳහා විශේෂ පරිශ්‍රමයක් දැරිය යුතුව තිබෙනවා.
නගරයට විශාල වශයෙන් කසළ එකතු වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අවිධමත් ලෙස දන්සැල් පවත්වාගෙන යාම බවත් දන්සල් සීමා කිරීමට යෝජනා කළ ද ඊට බලධාරීන් එකඟ නොවූ බවත් වාර්තා වනවා.