අද (30) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇප ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණ භූමියෙන් පිටව ගියා.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා පවසා සිටියේ, අධිකරණයේ දී සත්‍ය හෙළිවිය යුතු බවයි.
මේ අතර තමා ඉදිරි මහ මැතිවරණයේ දී තරග කරන බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
එංගලන්තයෙන් සොරකම් කර ඇති බවට සඳහන් වන එකලස් කළ, මෙරට ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව පසුගිය 23 වනදා අත්අඩංගුවට ගත්තා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී පැය 4ක පමණ ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුවයි.
පසුව අධිකරණයට ඉදිරිපත් කළ ඒ මහතා ව අද (30) වනතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.
එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ඇප ලැබුණා. ඒ, රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප 5ක් මතයි.