රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති ගෙදර ගියේ රටේ ජනතාව අනාථ කර බවත් ඉන් රට ගොඩ ගැනීමට ඉදිරි වසර හතර තුළ දැවැන්ත සංවර්ධනයක් සිදු කල යුතු බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඒ, දෙමටගොඩ ප්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමින්.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නව ගිවිසුමක් හරහා 2033 සිට ණය ගෙවීමට හැකි බවත් ඒ කාලය වන විට සෘජු විදේශ සංචිත වැඩි කර ගත හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.
දැනට මතුව ඇති ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයෙන් සංචාරක කර්මාන්තය අඩපණ වුවහොත් ණය ගෙවීමට නොහැකි වනු ඇති බවත් ඔහු කියා සිටියා.
පාර්ලිමේන්තුවේ බහුතරයෙන් මේ ගිවිසුම සංශෝධනය කරමින් ජනතාවගේ හිසමත පීඩනය පටවන යෝජනා ඉවත් කළ යුතු බවත් ඔහු සඳහන් කළා.