මෙරට ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් කැනඩාවේ ව්‍යාපාරිකයන් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය කටයුතු කර තිබෙනවා.
ඊට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන් කැනඩාවේදී පැවති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
අධ්‍යාපන, හරිත කෘෂිකර්මය සහ සංචාරක ව්‍යාපාරය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් මෙහිදී දැනුවත් කර තිබුණා.