රට ඩිජිටල්කරණය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පැවති ජනහමුවකදී පවසනවා.
රටට ආයෝජකයි ගෙන ඒමේ ශක්තිමත් වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කල යුතු බවත් ඒ සඳහා අවශ්‍ය පසුබිම වහා සකස් කල යුතු බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.
ව්‍යවස්ථා සංශෝධනය සහ මන්ත්‍රී වරප්‍රසාද කප්පාදු කිරීම පිළිබඳව වත්මන් රජය කතා කරමින් සිටින අතර එලෙස මංත්‍රී වරප්‍රසාද කප්පාදු කිරීම කිසිදු ගැටලුවක් නොමැති බව සඳහන් කළා.
රටේ ජනතාවගේ අනාගතය සමෘද්ධිමත් කිරීමට කටයුතු කළයුතු බව පැවසූ ඔහු ඒ සඳහා රජය ගන්නා නිවැරැදි වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව වැඩිදුරටත් ප්‍රකාශ කළා.