අනුරාධපුර රුවන්වැලි මහ සෑය පොලිස් මුරපොලේ රාජකාරී භාරව සිටි 55 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකු වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.
මියගොස් ඇත්තේ උඩමළුව පොලිසියේ රුවන්වැලි මහ සෑය උප පොලිස් ඒකකයට අනුයුක්තව සේවය කළ බුලංකුලම වත්ත, අනුරාධපුර යන ලිපිනයේ ජයතිලක (55) නැමැති සැරයන්වරයෙකි.
මෙම සැරයන්වරයා රුවන්වැලි සෑය පොලිස් මුරපොලේ රාජකාරී භාරව කටයුතු කරමින් සිටි බව පොලිසිය පවසනවා.
අද (11) අළුයම පහට පමණ මෙම සැරයන්වරයා පොලිස් මුරපලේ ලේ විලක් මැද වැටී සිටි බව මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන උඩමළු පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක චන්න වැත්තෑව මහතා සඳහන් කළා.
මෙය දිවි නසා ගැනීමක්ද වෙඩි තැබීමක්ද යන්න සම්බන්ධයෙන් උඩමළුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.