
ඕස්ට්‍රේලියාවට මේ වන විට බලපා ඇති ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව නැගෙනහිර වෙරළ තීරයට ළගා වනු ඇති බවට එරට කාලගුණ විද්‍යා අංශය අනතුරු අඟවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දකුණු ක්වීන්ස්ලන්තයට සහ උතුරු නිව් සවුත්වේල්ස් ප්‍රදේශවලට ඉදිරි පැය 24 ක කාලය තුළ මිලිමීටර් 200 ට වැඩි තද වැසි ඇති වීම නිසා දැඩි ගංවතුර තත්වයක් අපේක්ෂා කළ හැකි බවයි.
මේ හේතුවෙන් බලපෑමට ලක්විය හැකි ප්‍රදේශවල දහස් ගණන් ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
එසේම, මේ වන විටත් එරට පාසල්, පොදු ප්‍රවාහන සේවා සහ ගුවන් සේවාවන්ද තාවකාලිකව නතර කිරීමටයි පියවර ගෙන තිබෙනවා.