
2021 දී කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති මිසිස් වර්ල්ඩ් තරඟයේ ජයග්රාහිකාව වූ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කළ බවට චෝදනා එල්ල වන නඩුවේ තුන්වැනි සාක්ෂිකාරිය වන ආශා බස්නායකට එරෙහිව කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනුජා ලක්මාලි අද වරෙන්තුවක් නිකුත් කළා.
හිටපු මිසිස් වර්ල්ඩ් කැරොලයින් ජූරි සහ නිරූපිකාවක් වන චූලා පද්මේන්ද්රා සැකකරුවන් ලෙස නම්කරමින් මෙම නඩුව පවරා තිබුණා.
මීට පෙර, දෙවැනි සාක්ෂිකරු වන චන්දිමාල් දැනටමත් අධිකරණය ඉදිරියේ සාක්ෂි දී තිබෙනවා.
පෙර අධිකරණ සැසියේදී සාක්ෂි දීමට ආශා බස්නායක කැඳවා තිබූ අතර, ඇයට නොතීසි නිකුත් කරන ලදී.
කෙසේවෙතත්, ඇය අධිකරණයේ පෙනීසිටීමට අපොහොසත් වූ බැවින්, ඇය අත්අඩංගුවට ගැනීම සඳහා මහේස්ත්රාත්වරයා වරෙන්තුවක් නිකුත් කළා.